රතු නිවේදන නිකුත් කිරීම ඉහළ යයි . . .

පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ සිට එම වසරේ දෙසැම්බර් මාසය දක්වා විදුලි බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින්ට ලංකා විදුලි බල මණ්ඩලය විසින් රතු නිවේදන යොමු කිරීම 60%කින් ඉහළ ගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසමේ වෙබ් අඩවියේ ඇතුලත් දත්ත අනුව ඉකුත් වසරේ ජනවාරි මාසයේදී බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින් දෙලක්ෂ පනස් තුන්දහස් හාරසියහැට පහක් (253,465) සඳහා රතු නිවේදන නිකුත් කර ඇත.

කෙසේවෙතත් එම වර්ෂයේ දෙසැම්බර් මාසයේදී රතු නිවේදන යොමු කර ඇති මුළු විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව හාරලක්ෂ අටදහස්හාරසිය අසූ නවයක් (408,489) වේ.

ඒ අනුව විදුලි බිල් නොගෙවිම හේතුවෙන් රතු නිවේදන නිකුත් කිරීම 60%කින් පමණ ඉහළ ගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.

  • බීබීසී සිංහල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විවාහ මංගල්‍ය උත්සවයක් නිසා උසාවියක් වැසෙයි . . .

Fri Jun 2 , 2023
අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණය වසා දැමීම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01 වැනිදා) මහත් අසීරුතාවට පත්විය. එම අධිකරණයේ රාජකාරී කරන සියලුම දෙනා යතුරු ලේඛිකාවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන අයුරු දක්නට ලැබිණි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x