ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක් . . .

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට  පැමිණෙන සහ  පිටවන  ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා සිංගප්පූරු සමාගම ගිවිසුමකට අත්සන් කළේය.

මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව  සපයනු ලබන අතර , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබයි .

දැනට කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට ගුවන් මගීන් 19,000 ක් පමණ සංසරණය වන අතර , එය කොරෝනා වසංගතයට පෙර 28,000 ක තරම් ඉහළ අගයක පැවතුණි .

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරේ දී පිටත්වීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය ආගමන විගමන පිවිසුම් කවුළු ( E – Gates ) දෙකක් ස්ථාපිත කරන අතර , ඉන් මාස 08 කට පසුව පැමිණීමේ පර්යන්තයේත් එවැනි කවුළු 02 ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ.

ලෝකයේ බොහෝ ‍රටවල ගුවන් තොටුපොළ තුළ මෙවැනි ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා සිංගප්පූරුවේ ” තාලස් ඩිස් ”  සමාගම විසින් නිෂ්පාදිත මෘදුකාංග භාවිතා කෙරේ .

  • ටී.කේ.ජී.කපිල

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

GMO යලි වර්ජනයකට . . .

Sat Jun 10 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අවධානය යොමුකර සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. පොරොන්දු ඉටු නොකළහොත් වෘත්තිය සමිති එකමුතුව විසින් එළඹෙන අඟහරුවාදා රැස්වී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරන බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x