හිටපු නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට . . .

 

රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැස්බෑව නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය එළඹෙන 23 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

පොලීසිය විසින් පැමිණිලි කිහිපයකට අනුව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන හිටපු නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත්තේය.

මෙහිදී පැමිණිලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම්ද පවසමින් ඇය මෙම වංචා සිදු කර ඇති බවය. ඇයට එරෙහිව පිලියන්දල පොලිසීයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 කි. ‍

මුදල් ලබාගත් බව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත් පිටපත් ඇතුළු ලිපිලේඛණ පැමිණිලිකරුවන්ට ලබාදී තිබේ. හිටපු නාගරික මන්ත්‍රීවරියගේ දුරකථනයෙන් වට්ස්ඇප් පණිවුඩ හරහා මුදල් ඉල්ලීම් ගනුදෙනු සිදුකර ඇති බව අනාවරණය වී ඇත. ලබාගත් මුදල් ලබාදෙන ලෙසට ඉල්ලීම් කිරීමේදී සැකකාරිය තමන්ට තර්ජන කළ බව පැමිණිලිකරුවන් පවසයි.

  • Sithumi
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක් . . .

Sat Jun 10 , 2023
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට  පැමිණෙන සහ  පිටවන  ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා සිංගප්පූරු සමාගම ගිවිසුමකට අත්සන් කළේය. මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව  සපයනු ලබන අතර , සීමාසහිත ගුවන් තොටුපොළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x