රජයට තර්ජනයක් . . .

ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ, විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පනත වහා හකුළා ගත යුතු බවයි.

“විදුලිබල මණ්ඩලය සමාගම් 15කට වෙන්කිරීම සඳහා මේ වනවිට පනත් කෙටුම්පතක් සුදානම් කරලා තියෙනවා. අපිට තොරතුරක් තියෙනවා ඉදිරි දින කිහිපය තුළ දී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා කියලා. මේ උත්සාහය ව්‍යර්ථ කරන්න ඕනේ.

එම පනත සම්මත වීමෙන් පසු සති 6ක් ඉක්මවා යෑමෙන් අනතුරුව ඔක්තෝබර් 1 වනදා සිට මෙම සමාගම් 15 රට තුළ ක්‍රියාත්මක කරන්න ඒ අය තීරණයක් අරන් තියෙනවා කියලා. ඒ අය තීරණයක් අරන් තියෙනවා මේ පනතේ ප්‍රතිපාදනයක් ලෙස ඇතුළත් නොකරන්න ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප.

විදුලිබල මණ්ඩලය සමාගම්වලට ලබාදීමේ පනත වහාම හකුළා ගන්න ඕනේ. එහෙම නැත්නම් විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති එකතුවෙලා 21 වනදා අපි හැමෝම බලාගාර කාර්යාල සේවයෙන් ඉවත් වෙලා විහාරමහාදේවි උද්‍යානයට රොඳ බදිනවා. ආණ්ඩුවට ලේසි වෙනවා.”

  • Sewvandi
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

WTC මහල් දහයක් BOI කුලියට ගනී . . .

Sun Jun 11 , 2023
ආයෝජන මණ්ඩලය මාසිකව ලක්ෂ සීයක් ගෙවමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මහල් දහයක් පමණ කුලියට ගෙන ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කරයි. සියලු රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කළ යුතු බවට මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කලේය. සියලු රාජ්‍ය ආයතන නඩත්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x