WTC මහල් දහයක් BOI කුලියට ගනී . . .

ආයෝජන මණ්ඩලය මාසිකව ලක්ෂ සීයක් ගෙවමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මහල් දහයක් පමණ කුලියට ගෙන ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කරයි.

සියලු රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කළ යුතු බවට මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කලේය.

සියලු රාජ්‍ය ආයතන නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදලින් වන බවත් රාජ්‍ය ආයතන සුඛෝපභෝගී ගොඩනැගිලිවල අධික කුලියක් ගෙවමින් සිය කාර්යාල පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළේය.

ලොතරැයි මණ්ඩලයට මසකට රුපියල් ලක්ෂ 65ක්, කොල්ලුපිටියේ විදුලිබල අමාත්‍යාංශය රුපියල් ලක්ෂ විස්සක්, විදුලිබල මණ්ඩලයේ නගර කාර්යාල සඳහා මසකට රුපියල් ලක්ෂ 20 බැගින් ගෙවමින් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම ලෝක වෙලද මධ්‍යස්ථානයේ අමාත්‍යාංශ ගණනාවක් ඉහළ කුලී ගෙවමින් පවත්වාගෙන යමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොරියානු ජාතිකයාගේ ජීවිතය බේරාගන්න එක්වුණ ශ්‍රී ලාංකිකයින් . . .

Sun Jun 11 , 2023
අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකට මුහුණදුන් කොරියානු ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගයක් අතරතුර එම අනතුර සිදුව තිබුණු අතර කොරියාවේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකිකයෙක් අසනීපවීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර තිබුණා. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x