දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් බදු දෙයි . . .

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බව වාර්තා වෙනවා.

ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බවයි එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ.

ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින අතර මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට අපේක්ෂිතයි.

එමෙන්ම උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා තිබෙනවා.

මෙම ඉඩම් බදු දීමේදී ව්‍යාපෘති යෝජනාවල ඵලදායිතාව, සංවර්ධන ක්‍රියාවලියට ඉන් ඇති දායකත්වය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවීම යන කරුණු සැලකිල්ලට ගනු ඇති.

  • Wayomi
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Amazing Spider-Man මිය යයි . . .

Wed Jun 14 , 2023
සුප්‍රසිද්ධ Marvel නිර්මාණ ශිල්පියෙකු වන John Romita මියගොස් තිබෙනවා. ඔහුගේ පුතු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් John Romita මිය ගිය බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මිය යන විට John Romita 93 හැවිරිදි වියේ පසු වුණා. Mary Jane Watson, The Punisher සහ Wolverine ඔහු විසින් නිර්මාණය කළ අතිශය ජනාදරයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x