පානදුර රෝහල කොවිඩ් රෝගීන්ටම වෙන්වෙයි . . .

පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පැවසීය.

කළුතර දිස්ත‍්‍රික් ලේකම් සහ කොවිඞ් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප‍්‍රසන්න ගිනිගේ ගේ ප‍්‍රධානත්වයෙන් කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (9 දා) පැවති කොවිඞ් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡුාවට බඳුන් වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, කොරෝනා රෝගීන් සඳහා කළුතර දිස්ත‍්‍රික්කයේ වෙන් කෙරුණු ප‍්‍රථම රෝහල මෙම රෝහල බවත් අධ්‍යක්ෂවරයා කීය.

පානදුර මූලික රෝහලේ වාට්ටු දෙකක මේ වනවිට කොරෝනා රෝගීන් ප‍්‍රතිකාර ලබන බවද, එම රෝහලේ දැනට ප‍්‍රතිකාර ලබන අනෙක් රෝගීන් හොරණ මූලික රෝහලට හා කළුතර මහ රෝහලට මෙන්ම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ද යොමු කිරීමට තීරණය කළ බවත් අධ්‍යක්ෂවරයා කීය

කොවිඞ් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් එම තීරණය සම්බන්ධයෙන් අවසර ඉල්ලා පෙරේදා (9 දා) දිනම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

  • කැස්බෑව – ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල පහළට . . .

Wed Dec 6 , 2023
ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණවල ආනයනය සීමා ලිහිල් කිරීමත් සමග ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ  ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර පැවසීය. භාණ්ඩ මිල පහල යාමත් සමග ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බවත් ආයතනකරැවන් පහුගිය මාසයේ  නැවතත් ආනයනය ආරම්භ කිරීමත් සමග මිල ශීඝ්‍ර ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x