ලෝක වාර්ථා තැබූ කර්නල් දොස්තරට සම්මාන . . .

වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල  ඉවත් කර ගිනස් වාර්තා අතරට එක්වූ  එම සැත්කම සිදුකළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන්  මහතා ඇතුළු එම වෛද්‍ය කණ්ඩායමට යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රශංසාව  පුද කළේය.

මෙම කණ්ඩායමට යුද්ධ හමුදා මූලස්ථානය වෙත ඊයේ (14) ආරාධනා කිරිමෙන්   අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ‘ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන්  මහතා හමුදාධිපති ප්‍රශංසා පදක්කම’ ප්‍රදානය කරන ලදී.

වකුගඩු ආශ්‍රීත හටගත් සෙන්ටිමීටර 13.372 ක දිගකින් සහ ග්‍රෑම් 801 ක බරින් යුක්ත ගලක් ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලය ඉකුත් බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී සමත් වූහ.

රෝගියාගේ ජීවිතයට හානියක් නොවන අයුරින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් සිදුකළ සැත්කම ඇගයීමට ලක්කරමින් ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම’ පළදනු ලැබීය.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමාෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදුකරනු ලැබීය. ඒ සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ දායකත්වය ලබාදෙන ලදී.

ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල  වර්ෂ 2004 දී ඉන්දීයාවේදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිගින් යුක්ත විය. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 දී පාකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.

  • ඉන්දිකා  රාමනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩොලරයේ මිල ඉහළට . . .

Thu Jun 15 , 2023
මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 315.00 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x