හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ මිනිස් සිරුරු කොටස් ජාවාරම . . .

හාවඩ් වෛද්‍ය විද්‍යාලයීය මොචරියේ කළමනාකරු සහ තවත් තිදෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබේ. ඒ, සොරකම් කරන ලද මිනිස් සිරුරු කොටස් මිලදී ගැනීම සහ විකිණීමේ චෝදනාව සම්බන්ධයෙනි.

පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු සඳහා හාවඩ් විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර තිබූ මළ සිරුරු වලින් “හිස්, මොළ කොටස්, සම සහ අස්ථි” ලබාගෙන එම කොටස් ඔන්ලයින් ඔස්සේ විකිණු බවට සෙද්‍රික් ලොඩ්ජ් ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ, ඩෙනිස් අමෙරිකාවේ පෙන්සිල්වේනියා සහ මැචචුසෙට්ස් හි වෙසෙන ගැණුම්කරුවන්ට එසේ ඔන්ලයින් ඔස්සේ සිරුරු කොටස් විකුණා ඇති බවය. එම ක්‍රමවේදය ඔස්සේ ඔවුන් 2018 සිට 2021 දක්වා සිරුරු කොටස් විකුණා ඇතැයි හෙළිවෙයි.

එරට රජයේ නීතිඥයින් චෝදනා කර ඇත්තේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයීය “ව්‍යුහ විද්‍යාත්මක පරිත්‍යාග වැඩසටහනේ” කළමනාකරු ලෙස ඔහුට තිබූ තනතුර භාවිත කර වෛද්‍ය පරීක්ෂණ සඳහා ලැබුණු සිරුරුවල කොටස් ඔහු ලබාගෙන ඇති බවය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් තවත් වැටක් දමයි . . .

Fri Jun 16 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් කවුරුන් විසින් හෝ කැඳවන්නේ නම් පළමුව පක්‍ෂය දැනුවත් කළ යුතු බවත් අනතුරුව පක්ෂය විසින් එම නායකයන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් එම පක්ෂයේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබේ. ඔහු මෙම මේ බව දැනුම් දී ඇත්තේ පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x