ඉඩම් විකුණා පඩි ගෙවන රාජ්‍ය ආයතනය . . .

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් රුපියල් බිලියන දහයකට විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබේ.

සංස්ථාවේ සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන පැවසුවේ ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකර අධිකාරියේ සේවක වැටුප්, හිග වැටුප් සහ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට යාබදව පිහිටි ඉහළ වටිනාකමක් සහිත අක්කර 17 කට වැඩි භූමි ප්‍රදේශයක් මෙසේ විකුණා දැමීමට තීරණය කර ඇත.

යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ගේ මැයි මාසයේ වැටුපෙන් ගෙවා ඇත්තේ රුපියල් දහසක් පමණක් බවත් සභාපතිවරයා පැවසීය.

එමෙන්ම මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්රයේ අඩපණව පැවතීම නිසා ඉංජිනේරු සංස්ථාවට ද ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වී තිබේ.

එම සංස්ථාව සහ යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනතාවගේ බලාපොරොත්තු රනිල් සමග එක්වී ඉටු කරනවා . . .

Mon Jun 19 , 2023
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අමාත්‍යවරයා පවසන්නේ වසරකට පෙර රට මුහුණ දී තිබූ තත්ත්වය හා අද ඇතිවී තිබෙන තත්ත්වය සංසන්දනය කිරීමේදී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කිරීමට පක්ෂය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x