සිමෙන්ති මිල යළි ඉහළ යයි . . .

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා  වනවා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ, ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා ඇත.

ඊට අමතරව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමේන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්ධ රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ.

කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝගෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් . . .

Tue Jun 20 , 2023
ලබන සඳුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව වසර 02ක් තෙක් එය දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට සකස් කරමින් පවති. කෙසේවෙතත්, මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x