හොර පාරෙන් ආ විශාකා විදුහල්පතිවරිය . . .

කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිවරිය නියමිත පටිපාටියට පිටින් තනතුර සඳහා පත්කර ඇති බවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය චෝදනා කරයි.

හිටපු ප්‍රබල දේශපාලකයෙකු සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම දුෂිත කටයුත්තට සම්බන්ධ බවට සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර පවසයි.

අදාළ විදුහල්පතිවරිය විශාකා විද්‍යාලයට ඇතුළත් කර ඇත්තේ විදුහල්පති ධුරයේ නියමිත පලපුරුද්දවත් නොමැතිව බවටත් දැනටත් මේ සම්බන්ධයෙන් අධ්‍යයාපන අමාත්‍යාංශය මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ වැඩසහනකට එක් වෙමිනි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගිනි පොලිය අඩු කරන ලෙස බලපෑම් . . .

Tue Jun 20 , 2023
වාණිජ බැංකුවලින් ලබා ගන්නා ලද ණය මුදල් සඳහා අය කරනු ලබන ගිනි පොලිය අඩු කරන ලෙස බලපෑම් කිරීමේ විරෝධතාවයක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති විසින් ලබන 22 වෙනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙය කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ලංකා ගුරු සේවා සංගමය සහ වෙනත් ගුරු වෘත්තීය සමිති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x