අළු බඳුණ ප්‍රවේශපත්‍රයක් රුපියල් ලක්ෂ 3ක් . . .

මෙවර එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමගින් වන අළු බඳුණ ක්‍රිකට් තරගාවලියේ ලබන 28 වැනිදා ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අලෙවියට ඉදිරිපත් කර තිබෙන වටිනාකමින් වැඩිම ප්‍රවේශ පත්‍රය ඇමරිකානු ඩොලර් 954ක් ලෙස දැක්වේ.

‍එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ තුනට ආසන්න අගයක්ගෙන තිබීම කැපී පෙනෙන කාරණයක් විය.

එමෙන්ම අලෙවිය සදහා ඉදිරිපත්කර තිබෙන වටිනාකමින් අඩුම ප්‍රවේශ පත්‍රය ඇමරිකානු ඩොලර් 267ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් 82,000 වැනි අගයක් ගෙන තිබුණි. දෙරට අතර නිමාවට පත් වූ පළමු තරගයේ ද අදාළ ප්‍රවේශ පත්‍රයන් එම මිල ගණන්වලට ආසන්න අගයකින් අලෙවි වී තිබීමට කැපී පෙණින.

මේ අතර පෙරේදා (21 වැනිදා) රාත්‍රියේ නිමා වූ අළුබඳුණ පළමු තරගයේ අවසන් පන්දුවාර කිහිපයේදී පැට් කමින්ස්ගේ නායකත්වයේ ඉනිම හමුවේ ජවය ලද ඔස්ට්‍රේලියාව අළුබඳුණ ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සමග පැවැති පළමු තරගයෙන් කඩුළු දෙකක් තියුණු ජයක් ලැබීමට සමත් විය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජයවර්ධනපුර රෝහල පුද්ගලීකරණයට විරෝධය . . .

Fri Jun 23 , 2023
කොළඹ ජයවර්ධනපුර රෝහල තුළ පවතින ගැටලුව ඇති එකම විසඳුම එය පුද්ගලීකරණය කිරීම බව එම රෝහලේ සභාපති ධුරය දැරූ මහාචාර්ය එස්.ඩී. ජයරත්න සඳහන් කර ඇත. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ දීය. එම ප්‍රකාශයට විරෝධය පළකරමින් රෝහල් කාර්ය මණ්ඩලය රෝහල් පරිශ්‍රය විරෝධතා පෝස්ටර් අලවා තිබිණි. මෙම තත්ත්වය මත එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x