ශ්‍රී ලංකාව තවත් ණය වෙයි . . .

2023 මුල් කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,858 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙය 2022 වසර අවසානය හා සැසඳීමේ දී 8% ක වැඩිවීමකි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 පළමු කාර්තුවෙහි ණය වාර්තාවට අනුව මේ බව අනාවරණය වී තිබේ.

මෙම වාර්තාවට අනුව 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ඩොලර් මිලියන 84,703 ක් වන අතර ඊට ඩොලර් මිලියන 40,123 ක දේශීය ණය, ඩොලර් මිලියන 35,976 ක විදේශ ණය සහ ඩොලර් මිලියන 3,477 ක සහතික ණය මෙන්ම ඩොලර් මිලියන 5,127 ක ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය ද අන්තර්ගත වී තිබුණි.

මෙම සමස්ත ණය ප්‍රමාණය 2023 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් මිලියන 91,561 ක් දක්වා ඉහළ ගොස් ඇත. එහිදී සමස්ත දේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 46,900 ක් දක්වා ත්, විදේශ ණය ඩොලර් මිලියන 36,090 ක් දත්වා ත් ඉහළ ගොස් තිබේ. සහතික ණයවල විශාල වෙනසක් මෙම කාර්තුව තුළ සිදුව නොමැති අතර පිළිවෙලින් එම අගය ඩොලර් මිලියන 3,506 ක් ලෙසින් සටහන්ව ඇත.

මහ බැංකුවේ ණය ඩොලර් මිලියන 5,065 ක් දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි.

මේ පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් දැක්වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අරගල සාමාජිකයාගේ ගනිකා කතට සමාජ රෝගයක් . . .

Thu Jun 22 , 2023
අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවකට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙම ගණිකා මධ්‍යස්ථානයෙන් කාන්තාවන් සිව්  දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් කාන්තාවකට  ගොනෝරියා නමැති සමාජ රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x