කිරිපිටි සඳහා රේගු බද්ද ඉහළට . . .

ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද ඊයේ (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.

කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූව ද කිරිපිටි මිල ඉහළ නොදමන බව කිරිපිටි සමාගම් පවසයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා 20%ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබූ අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගැනුණි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇත.

එම බදු සංශෝධනය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෝටර් රථයක සිහිනය දකින හැමෝටම සුබ ආරංචියක් . . .

Thu Jul 13 , 2023
විදුලි වාහනයෙන් ලෝකයම ආක්‍රමණය කළ ටෙස්ලා සමාගමේ නවතම පිම්ම වෙත ලෝකයේම අවධානය යොමුව ඇත. ටෙස්ලා සමාගම සිය නවතම කර්මාන්තශාලාව ඉන්දියාවේ ඉදිකිරීමට සැරසෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මෙලෙස ටෙස්ලා ගැන යළි කතාබහක් ඇතිව තිබේ. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ සිය රථවාහන අපනයනය කිරීමේ පහසුව පදනම් කරගනිමින් මෙලෙස ඉන්දියාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x