වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ කළු වෙයි . . .

වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තිරයේ තාරවලට සමාන කළු පැහැති යම්කිසි අපද්‍රව්‍යයක් ගොඩ ගසා ඇතැයිද එය බොහෝ විට ගිනිගත් X-Press Pearl නැවෙන් කාන්දුවන තෙල් විය හැකි බවද ධීවරයෝ චෝදනා කරති.

ඒවා වැලි සමග මිශ්‍ර විමත් සමග වෙරළ තිරයම කළු පැහැතින් අපවිත්‍ර වී ඇත.

මෙම කළු පැහැති තාරවලට සමාන අපද්‍රව්‍ය දින කිපයක සිට වෙරළ තිරයට සුළු වශයෙන් ගොඩ ගසා තිබු අයුරු දැක ගත හැකි වු බවත් ඊයේ (19) දින වනවිට එය විශාල ලෙස වැඩි වි සම්පුර්ණ වෙරළ තිරය පුරාම කළු පාට වී ඇති බවත් ධීවරයෝ පවසති.

මෙම තත්වය පිළිබදව තම ආයතනවලට තොරතුරු ලැබි ඇති බවත් ඒ පිළිබදව සොයා බලමින් සිටින බවත් පුත්තලම දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ අධිකාරියෙ හා සමුද්‍රිය ආරක්ෂණ අධිකාරියෙ නිළධාරීහු පවසති.

එසේම එම නිළධාරින් වැඩිදුරටත් පවසන්නේ නාවික හා ගුවන් හමුදා මගින් තවත් තොරතුරු ලබා ගනිමින් සිටින බවය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කැලණි පාලමේ ඇණ කතාව බොරු . . .

Wed Jul 19 , 2023
කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී  අද (19)පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය. කැලණි පාලමේ ඇණ ගැලවූයේ  යැයි  කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල බට සොරකම් කරල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x