සමලිංගික ප්‍රජාව (LGBTQ+) වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබේ. එය හදුන්වා ඇත්තේ ‘Gay Water’ යන නාමයෙන් වන අතර සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් මෙම පානය වෙළෙදපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වේ. මෙම පානය නිපදවා ඇත්තේ Hoddeson නම් පුද්ගලයෙකි. එම පුද්ගලයාද සමලිංගිකයකු වන අතර “අපිව නියෝජනයක් ඇති කරන සන්නාමයක් නිර්මාණය […]

කොළඹ කාර්යාල වල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර දෙදෙනෙකු කාර්යාල සේවිකාවන්ය. පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයේ ගණිකා වෘත්තීයේ යෙදෙන බොහෝ පිරිසක් කොළඹ හා ඒ අවට කාර්යාල […]

අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි සිටි දුර්ලභ කළු වඳුරන් තිදෙනකු යම් කිසි පිරිසක් විසින් නීතිවිරෝධී ලෙස පැහැරගෙන ගොස් ඇතැයි එම වනජීවීරැදවුම් මධ්‍යස්ථානයේ අඩවි ආරක්ෂක නිලධාරී ජීවන් හපුආරච්චි ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිලි කර අත. අඩවි ආරක්ෂක නිලධාරී ජීවන් හපුආරච්චි පවසන්නේ මෙම කළු වඳුරන් තිදෙනා ඊයේ (21) අලුයම් කාලයේ සොරාගෙන ගොස් […]

කොළඹ වරාය නගරයේ (Port City) අලුතින් කළ වෙරළ තීරයේ එක් කොටසක් මීට වසරකට පෙර මහජනතාවට නැරඹීමට අවස්ථාව උදාවිය. එහි ඉතිරි කොටසද පසුගියදා මහජනතාවට විවෘත වුණි. ඒ අනුව මේ වනවිටත් එම අලුතින් ඉදිවුණු කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයෝ බොහෝමයක් පැමිණෙමින් සිටිති. කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයකින් විහිදී ඇති […]

ශ‍්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිර දඬුවමක් නියම වී එල්ටීටීඊ සාමාජිකයෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති සමාව පිරිනමා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මේ බව තහවුරු කළ අතර පසුගිය 18 වැනිදා ඔහු බන්ධනාගාරයෙන් නිදහස ලබා පිටව ගොස් ඇත. බන්ධනාගාරය තුළ ගත කළ යහපත් […]

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසට ය. මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22) නිවේදනය කළේය. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් […]

ඒවි ෆිස්ටුලා කැනයුලා (AV Fistula Cannula) කැනයුලා වර්ගය තත්වයෙන් බාල බැවින් බාවිතයෙන් ඉවත් කරන්නැයි දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අස්සනින් යුතුව තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. උක්ත කැනයුල වර්ගය වකුගඩු අක්‍රියතාවට ගොදුරු වී සිටින රෝගීන්ගේ කාන්දු පෙරන ප්‍රතිකාර සඳහා භාවිත කරන විශේෂ කැනයුලා වර්ගයකි. මෙම කැනයුලා […]

රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ඇස්පිරින් පෙති තොගයක එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය (ඇස්පිරින්) නොමැති බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අස්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ‘ඇස්පිරින්’ අඩංගු නොවන මෙම ඇස්පිරින් […]

පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා  මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක්  ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි . පිරමීඩ ජාවාරම  හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත් හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් පසුවූ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.