රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු බීමතින් මාර්ගයේ නිදාගැනීමේ සිද්ධියක් තඹුත්තේගම සහ නොච්චියාගම අතර ප්‍රදේශයකින් වාර්තා වනවා.
එම රථවාහන පොලිස් නිලධාරියා තඹුත්තේගම සහ නොච්චියාගම අතර මාර්ගයේ වැතිරී නිදාගෙන සිටි බවයි පැවසෙන්නේ.
මෙලෙස පාරේ වැතිර නිදාගෙන සිටි පොලිස් නිලධාරියා බැලීමට ගොස් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවල ද පළ කර තිබේ.
මෙලෙස නීතිය ක්‍රියත්මක කරන උදවිය මහ ජනතාව ඉදිරියේ අමු අමුවේ නීතීය උල්ලංගනය කරමින් සදාචාර විරෝධී ලෙස හැසිරීම අනුමත කළ හැකිද?
බොහෝ රථවාහන පොලිස් නිලධාරීන් තම රාජකාරිය නිසියාකාරව නොකර අල්ලස් ගැනීම වැනි නීති විරෝධී ක්‍රියා රැසකට සම්බන්ධ වන අතර මේ හේතුවෙන් රියදුරන්ගේ වගකීම් විරහිතභාවය ඉහළ ගොස් මාර්ග අනතුරු දිනෙන් දින අඛණ්ඩවම වාර්තා වන තත්ත්වයක් වර්තමානයේ දකින්නට ලැබේ.
මේ තත්ත්වය තුළ දැනට වාර්තා වී ඇති මෙවැනි සිදුවීම් ප්‍රවාහන සේවයේ ආරක්ෂාව ගැන තවදුරටත් ප්‍රශ්න නොවන්නේද?
වගකිව යුතු බලධාරීනී වහාම මෙවැනි සදාචාර විරෝධී ලෙස හැසිරෙන නිලධාරීන්ට එරෙහිව නිසි දඬුවම් දෙන්නට ක්‍රියා කරන්නේ නම් එය කාගේත් යහපතට හේතුවක් වන්නේ ය.
-
Aruna