රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමළුව ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද (23) අලුයම ගින්නක් හටගෙන තිබේ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ පවුලට අයත් තේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත. ගින්න කර්මාන්ත ශාලාවට පුරා පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක් ද ගින්නෙන් විනාශ වී ඇත.  

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ කලහකාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර නිරුවතින්, පාරේ ඇවිදීමට සැලැස්වීමේ සිද්ධිය සහ ඉන්පසු හටගත් වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ලොව කැලැඹීමට සමත් වී ඇත. එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය ද බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් වී තිබේ. සිද්ධියට අදාල වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. පොලීසිය විසින් […]

රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තිස් තුන්දහස් නවසිය තිස් හයක් පවතින […]

ප්‍රංශයේ අගනුවර පැරීසිය හා අවට දිස්ත්‍රික්ක 5ක් පුරා මේ වන විට විශාල වශයෙන් මාල ගිරවුන් බෝවීම නිසා එරට පරිසර අමාත්‍යංශය ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත. දකුණු ආසියාවට හා දකුණු ඇමරිකාවට ආවේණික නමුත් යුරෝපයට ආගන්තුක මෙම පක්‍ෂි වර්ගය ප්‍රංශයේ වේගයෙන් බෝවීම පිළිබඳව මේ වන විට ජීව විද්‍යා විද්යාඥයන් පරීක්ෂණ […]

ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව මේ වසර අවසානයට පෙර නීති ගත කිරීමට සැලසුම් කර තිබේ. තම පෞද්ගලිකත්වයට හා […]

රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු බීමතින් මාර්ගයේ නිදාගැනීමේ සිද්ධියක් තඹුත්තේගම සහ නොච්චියාගම අතර ප්‍රදේශයකින් වාර්තා වනවා. එම රථවාහන පොලිස් නිලධාරියා තඹුත්තේගම සහ නොච්චියාගම අතර මාර්ගයේ වැතිරී නිදාගෙන සිටි බවයි පැවසෙන්නේ. මෙලෙස පාරේ වැතිර නිදාගෙන සිටි පොලිස් නිලධාරියා බැලීමට ගොස් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවල ද පළ කර තිබේ. මෙලෙස නීතිය ක්‍රියත්මක කරන […]

කාම්බෝජයේ මහ මැතිවරණය අද (23) පැවැත්වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්තමාන අග්‍රාමාත්‍ය (හ)න් සෙන් ප්‍රමුඛ ජනතා පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 125 ම දිනා ගනිමින් මැතිවරණයේ ජය තහවුරු කරගනු ඇති බවයි. ඒ, ඔවුන්ට අභියෝගයක් විය හැකි ප්‍රභල විපක්ෂයකට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙනි. එරට විපක්ෂය මැතිවරණය සඳහා ලියාපදිංචි වීමේදී […]

ලිහිසි තෙල් සහ ග්‍රීස්  පටවාගෙන  පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ  බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. සිදුවූ අනතුරින් රියදුරු සහ සහායකයකු සුළු තුවාල ලබා ඇත. සිදු වූ අනතුරක් සමගම ලොරිය තුළ පටවා තිබූ  ලේසියි තෙල් අඩංගු ප්ලාස්ටික් කෑන් මාර්ගය පුරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.