කාම්බෝජයේ මහ මැතිවරණය අද . . .

කාම්බෝජයේ මහ මැතිවරණය අද (23) පැවැත්වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්තමාන අග්‍රාමාත්‍ය (හ)න් සෙන් ප්‍රමුඛ ජනතා පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 125 ම දිනා ගනිමින් මැතිවරණයේ ජය තහවුරු කරගනු ඇති බවයි.

ඒ, ඔවුන්ට අභියෝගයක් විය හැකි ප්‍රභල විපක්ෂයකට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙනි.

එරට විපක්ෂය මැතිවරණය සඳහා ලියාපදිංචි වීමේදී ඉදිරිපත් කළ ලේඛනවල තිබූ දෝෂයක් හේතුවෙන් පසුගිය මැයි මාසයේදී ඔවුන්ට මැතිවරණයට තරග කිරීම තහනම් කෙරිණි.

මීට වසර 5කට පෙර පැවති මැතිවරණයේදී ද කාම්බෝජ අධිකරණය විසින් විපක්ෂයට පැනවූ තහනමක් හේතුවෙන්, (හ)න් සෙන් ප්‍රමුඛ ජනතා පක්ෂය එරට පාර්ලිමේන්තුවේ ආසන 125 ම දිනාගත්තේ ය.

ඒ අනුව 1990 දශකයේ සිට පැවති සියලු මැතිවරණවල ජය තහවුරු කර ගැනීමට ජනතා පක්ෂයට හැකි වී ඇත.

මෙවර මැතිවරණය සඳහා තවත් පක්ෂ 17ක් තරග වැදුන ද, ඉන් පාලක පක්ෂයට බලපෑමක් ඇති නොවන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

70 හැවිරිදි අග්‍රාමාත්‍ය හන් සෙන්, වසර 38ක කාලයක් එරට පාලකයා වශයෙන් කටයුතු කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිල ඇඳුමින් මහ පාරෙ බීමතින් නිදාගත් පොලිස් නිලධාරියා . . .

Sun Jul 23 , 2023
රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු බීමතින් මාර්ගයේ නිදාගැනීමේ සිද්ධියක් තඹුත්තේගම සහ නොච්චියාගම අතර ප්‍රදේශයකින් වාර්තා වනවා. එම රථවාහන පොලිස් නිලධාරියා තඹුත්තේගම සහ නොච්චියාගම අතර මාර්ගයේ වැතිරී නිදාගෙන සිටි බවයි පැවසෙන්නේ. මෙලෙස පාරේ වැතිර නිදාගෙන සිටි පොලිස් නිලධාරියා බැලීමට ගොස් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවල ද පළ කර තිබේ. මෙලෙස නීතිය ක්‍රියත්මක කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x