තට්ටු 07කින් බිමට ඇද වැටී ව්‍යාපාරිකයෙක් මියයයි . . .

කුරුඳුවත්ත රොස්මිඩ් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් වැටී ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයා ඊයේ එම මහල් නිවාසයේ හත් වන මහලෙන් ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ කිරුළපන, සුනේත්‍රා පාරේ පදිංචි 47 හැවිරිදි කමල් එරාන් හේරත් සඳරත්න නැමැති ව්‍යාපාරිකයෙක් ය.

පොලිස් නිලධාරියෙක් කියා සිටියේ, කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානිකර ගත්තාදැයි සැක මතුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මෙම ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුණු බිත්තර ගබඩාවක් වටලයි . . .

Mon Jul 24 , 2023
ඊයේ (23) සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් වටලනු ලැබීය. අදාළ ගබඩාව දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබුණේය. ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගයක මුද්‍රා මකා අලෙවියට සුදානම්කර ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට තොරතුරක් ලැබී ඇත. ඊයේ රාත්‍රියේ අදාළ ගබඩාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x