මාර්තු 15 වැඩ වර්ජනය ස්ථිරයි . . .

මාර්තු මස 15 වනදා ගුරු – විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ, 15 වනදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල සියලුම වෘත්තීය සමිති එක්ව කැඳවා “ආණ්ඩුවේ පීඩනයට එරෙහිව වැඩ කරන ජනතාවගේ විරෝධය” නමින් වූ එක්දින වැඩ වර්ජනයක් සංවිධානය කර ඇති බවය.

එම වර්ජනයට සියලුම ගරු – විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සම්බන්ධ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. ඒ අනුව, දිවයින පුරා පාසල්වල සියලු ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සහ ගුර උපදේශකවරු ඉල්ලීම් 8ක් වෙනුවෙන් එම වර්ජනයට සහභාගී වන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් උද්ඝෝෂණවල තිරත වීමද සිදුකරනු බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පවසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු . . .

Mon Mar 13 , 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x