ලෝක නායකයන් දිනාගන්නා කලාව දන්නා මෛත්‍රීපාල . . .

ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය  ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු  ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමා බවත්  හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

තමා ලෝකයේ සියලුම නායකයන් සමග දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින්   රට ගොඩනැගීමට  ඒ අයගෙන් උදව් ලබාගත්   බවද  හෙතෙම  සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

මෛත්‍රිපාල සිරිසේන මෙසේද සඳහන් කළේය.

ඒ.ඩී.බී වෙන්න පුළුවන්. අයි.එම්.එෆ් වෙන්න පුළුවන්. වර්ල් බෑන්ක් වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගෙන්ම උදව් ගැනීම වගේම ලෝකයේ සියළුම රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක්. ඒ වගේම ඒක විද්‍යාවක්. මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා, බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සබඳතාවක් තියාගෙන රට ගොඩනගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. ඒ ගැන මම ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න වුණත්  සූදානම්. ඔප්පු කරල පෙන්නන්නත්  සූදානම්. මම චීනයෙන් ඇමරිකාවෙන් යුරෝපයෙන්  ජපානයෙන් ජර්මනියෙන් වගේම ඉන්දියාවෙනුත් සහයෝගය  ගත්තා. ඉතින් ඒ සහයෝගය ගන්න එකේ ක්‍රමයක් තියෙනවා. මම ගියේ ඒ ක්‍රමයට. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලඥයන් ගැන තානාපති කාර්යාලවල  ෆයිල්  එකක් තියෙනවා.

  • සුජිත් හේවාජුලිගේ

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ගැන තීරණයක් . . .

Sun Jul 30 , 2023
වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වාදෙන්නේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බවය. කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x