වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ගැන තීරණයක් . . .

වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වාදෙන්නේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බවය.

කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියේය.

“බාහිර රෝගී අංශයේ රෝගියෙක් බලනවා ට වෛද්‍යවරයෙකුට ගෙවීම් කරන්නේ, රුපියල් 28යි. සායනයක රෝගියෙක් බලනවා ට රුපියල් 36ක් වගේ. සීමාවාසික වෛද්‍යවරු ඊටත් වඩා අසාධාරණයට ලක්වෙනවා. මේ සියල්ලම බලපාලා තියෙනවා වෛද්‍යවරු මේ විදියට දැඩි කලකිරීමකට පත්වෙලා තමන්ට වෙන අසාධාරණයට පිළිබඳව රට හැරයාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න ජනාධිපතිතුමා එකඟතාවය පළ කරා සියල්ල සමාලෝචනය කරලා මුදල් අමාත්‍යාංශය එක්ක කතා කරලා, ඉදිරි අයවැය හරහා පළවෙනි ආරම්භක පියවර තියෙන්න මේ සම්බන්ධයෙන් වෙන. ඒක විශේෂ දෙයක් බවට පත්වෙයි කියලා අපි විශේෂයෙන්ම. මේ යෝජනා පාදක කරගෙන වැටුප් ක්‍රමවේදයක් වෛද්‍යවරු සඳහා නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයයි කියන කාරණය.”

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසර 23ක් පැරණි වාර්තාවක් බිඳහෙළයි . . .

Sun Jul 30 , 2023
මීටර් 400 ඉසව්වේ වසර 23ක් පැරණි තරග වාර්තාවක් බිඳහෙළීමට කාලිංග කුමාරගේ ඊයේ (29) සමති වී තිබේ. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සටහන් කරමිනි. ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරඟය ඊයේ පැවැත්වුණි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x