ගුවනේ ඇතිවූ කාර්මික දෝෂයකින් ආපසු කටුනායකට . . .

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක් ඩුබායි බලා පිටත්ව යමින් සිටියදී ඇතිවූ කාර්මික දෝෂයක් මත ආපසු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.

මෙම යානය මගීන් 256 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 14ක් සහිත එකකි. එම ගුවන් යානය වෙනුවට වෙනත් යානාවක් යෙදවීමටද සමාගම් පසුව කටයුතු කර තිබිණි.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී පැයකට පමණ පසු මෙම දෝෂය වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් ආපසු ගුවන්තොටුපල වෙත හරවාගෙන පැමිණ තිබින.

ඊයේ පස්වරු 06.30ට පමණ ගුවන්ගත වූ මෙම යානය නැවත රාත්‍රී 07.30ට පමණ කටුනායකට ගොඩබස්වා තිබේ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වික්ටෝරියා ජලාශයෙන් ජල සැපයුම නවතියි . . .

Sat Apr 22 , 2023
ජල සම්පාදන මණ්ඩලයට වික්ටෝරියා ජලාශයෙන් අදාළ සැපයුම ලබාදීමට ප්‍රමාණවත් ජලය නොමැති බව මහවැලි අධිකාරිය පවසනවා. ඒ, පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන්. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල පවසන්නේ. මෙම හේතුවෙන් පොල්ගොල්ල ජලාශයෙන් ජනතාවට ජලය බෙදාහැරීම සඳහා ජලසම්පාදන මණ්ඩලයට ජලය ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x