පොල්තෙල් බෝතලයක් 1000 ක් වේවි . . .

පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් නිෂ්පාදකයන් පිරිසක් එක්ව පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සගවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිගයක් මතුකර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

මෙරට මහා පරිමාණ නිෂ්පාදකයන් කීපදෙනෙකු විසින් මෙලෙස කූඨ ලෙස පොල්තෙල් තොග සඟවා ගැනීම නිසා ඉදිරියේදී තෙල් බෝතලයක මිල රුපියල් 1000 ක් පමණවීමට ඉඩ තිබෙන බවද කොළඹ තොග වෙළෙන්දෝ පවසති.

මේවනවිට වෙළෙදපොළේ පොල්තෙල් බෝතලයක සිල්ලර මිල රුපියල් 500 ක් සිට විවිධ ගණන්වලිට තිබෙන අතර සිල්ලර වෙළෙදසල් බොහෝමයක අලෙවිකරන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර ඒවා බවද පැවැසේ.

මේවනවිට ආනයනික ෆාම් තෙල් මිල පොල්තෙල් මිලට වඩා ඉහළ නිසා ෆාම් තෙල් කවලම් කිරීමට නොහැකිවීම මත නිෂ්පාදකයන් පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමට උත්සාහ ගන්නා බවද ආරංචි මාර්ග පවසයි.

  • රන්ජන් කස්තුරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත් පත්වීම් ගත් ‍දොස්තරලා 100ක් ආගිය අතක් නෑ . . .

Sun Jun 18 , 2023
වෛද්‍යවරුන් ලෙස මේ වසරේ පත්වීම් ලැබූ 1,300 දෙනෙකු අතරින් සිය දෙනෙකුගේ සේවය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අහිමිවී තිබෙන බව වාර්තා වේ. පත්වීම්ලාභී වෛද්‍යවරු 50 දෙනෙකු පමණ පත්වීම් ලිපි භාර ගැනීමට නොපැමිණි අතර තවත් පනහක් පමණ පත්වීම් ලිපි භාර ගෙන සේවයට වාර්තා කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ‘ඉරිදා මව්බිම’ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x