ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන පනත පාර්ලිමේන්තුවේ සම්මතවේ . . .

අපේ රටට ඉතාමත් අවාසනාවන්ත දිනයක් උදා වු බව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත් පාර්ලිමේන්තුවේ සම්මත විම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ආචාර්ය අශෝක රන්වල,

“අපේ රටට ඉතාමත් අවාසනාවන්ත දිනයක් උදා වුණා. මේ දිනය වෙනස් කර ගන්න, මේ අවාසනාව වෙනස්කර ගන්න ඛනිජ තෙල් ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය සමති සියලුදෙනා එකතුවෙලා බරපතළ උත්සහායක් දැරුවා, මේක වෙනස් කරලා මේ රටට සුවදායි දිනයක් බවට පත්කරගන්න. අඳුරු වලාකුළුවලින් පිරිලා තියෙන දවස ඒ අඳුර වගේම අඳුරු යුගයක් බවට පත්කරන්න අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ අය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා වෘත්තීය සමිති විදිහට දැඩි කලකිරීමකින් මේ කියන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරු, ඔවුන් මඟහැරියේ මොකද? ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට පොහොට්ටුව මේ රටේ ජනතාවට වගකියන්නේ නැහැ කියලා අපි පැහැදිලිවම දන්නවා. හැබැයි මේ විප්කෂයේ මන්ත්‍රීවරු කොහෙද හැංගුණේ. ඔවුන්ට මේක දිනාගන්න අතහැරලා 17 සීමාකරගෙන අනිත් අය හැංගිලා මඟහැරියා කියන්නේ. ඒ් මඟහැරපු සියලුදෙනාම පොහොට්ටුවේ මේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති ධුරය සහ තවත් අමාත්‍යංශ තුනක් රනිල් යටතට . . .

Wed Oct 19 , 2022
ලබන 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපති ධුරය සහ තවත් අමාත්‍යංශ තුනක් දරණ රනිල් වික්‍රමසිංහ යටතට රුපියල් කෝටි 103,927ක් ( රුපියල් බිලියන 1039.27) වෙන් කර ගෙන තිබේ. එම විසර්ජන පනත අනුව 2023 වර්ෂය වෙනුවෙන් මුලු වෙන් කිරීම්වල එකතුව රුපියල් කෝටි 365,726 (රුපියල් බිලියන 3,657.26) ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x