කුකුළු මස් ආනයනයට අවසර . . .

කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (31) පැවසීය.

එම අමාත්‍යංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

පසුගිය 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිලගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

මෙම තීරණය මගින්ද කුකුළු මස් වෙළෙඳපොළේ මිල පාලනයක් සිදුනොවුනහොත් ඉදිරියේදී පරිභෝජනයට අවශ්‍ය කුකුළුමස් ආනයනයට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බොරතෙල් මිල ඉහළට . . .

Mon Jul 31 , 2023
ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙන අතර, මාස 03කින් ඉහළම අගයන් අද වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළේය. සෞදි අරාබිය විසින් ස්වේඡාවෙන් සිදුකරන නිෂ්පාදන කප්පාදුව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවක් පැවතීම සහ ගෝලිය තෙල් සැපයුම තවදුරටත් සීමා වීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x