පේරාදෙණිය අධ්‍යයන කටයුතුවලට බාධා . . .

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව විශ්ව විද්‍යාලයීය අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි.

2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ ආචාර්ය මහාචාර්යවරුන් 70කට අධික පිරිසක් රට හැරගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ගෙන් කළ විමසීමකදී මෙසෛ් පැවැසීය.

මහාචාර්යවරුන්ගේ විදේශගත වීම සත්‍යයක්. මෙම හේතුවෙන් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය,ඉංජිනේරු පීඨය,විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවලයි.

ඉකුත් වසරේ ෙ ජනවාරි සිට මේ වසරේ මැයි දක්වා වූ මාස 16ට  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී සිටිනවා.

තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව ද මහාචාර්යවරයා වැඩිදුරටත්  පැවසීය .

  • ෂේන් සෙනෙවිරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දමයන්ති දර්ශා රට හැර යයි . . .

Mon Jul 31 , 2023
පදක්කම් ලාභී ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිනීයද වන දමයන්ති දර්ශා ශ්‍රී ලංකාව අත්හැර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබේ. මෙරට මලල ක්‍රීඩා බලධාරීන් තමන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවත් එවැන් තත්වයක් තුළ තමන් ශ්‍රී ලංකාව හැරයාමට තීරණය කළ බවද ඇය මාධ්‍ය වෙත පවසා ඇත. “ඇත්තටම අපි ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x