තේ, කුරුඳු මිල වේගයෙන් පහළට . . .

වෙළඳපොළේ තේ, කුරුඳු මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි වැවිලිකරුවන් කියා සිටිති.

මෙම තත්ත්වය මත තම වගාවන් පවත්වාගෙන යාම පවා නොහැකි ආර්ථික දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් ඔවුන් කියති.

දැනට මාස කිහිපයකට පෙර රුපියල් 300ට ඉහළ මිලකට පැවැති තේ දළු කිලෝවක් අද වන විට රුපියල් 150 සීමාවට පහළ බැස ඇති බව කුඩා තේ වතු හිමියෝ පවසති.

කලින් රුපියල් 5000ට ආසන්න මිලකට පැවති කුරුදු කිලෝවක් මේ වන විට රුපියල් 2000 දක්වා පහළ බැස ඇති බව ද කුරුඳු වැවිලිකරුවන් කියා සිටිති.

ජාත්‍යන්තර වෙළද පොළේ ඉල්ලුම අඩු වීම, ඩොලරයේ අගය පහළ බැසීම මීට හේතු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රවුන් මුදුව ඩොලර් මිලියනයකට වෙන්දේසි වෙයි . . .

Tue Aug 1 , 2023
රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් 1996 වසරේදී මියගිය ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා පැළඳි ක්‍රවුන් නම් මුදුව ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 32 කට ආසන්න) මුදලකට වෙන්දේසියකින් මිලදී ගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මුදුව මෙතෙක් අලෙවි වී ඇති වටිනාම හිප්-හොප් කෞතුක වස්තුව ලෙසද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x