රැප් ගායකයකු වන ඩ්‍රේක් ග්‍රැහැම් විසින් 1996 වසරේදී මියගිය ටූපැක් ෂාකුර් නම් රැප් ගායකයා පැළඳි ක්‍රවුන් නම් මුදුව ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 32 කට ආසන්න) මුදලකට වෙන්දේසියකින් මිලදී ගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මුදුව මෙතෙක් අලෙවි වී ඇති වටිනාම හිප්-හොප් කෞතුක වස්තුව ලෙසද […]

වෙළඳපොළේ තේ, කුරුඳු මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි වැවිලිකරුවන් කියා සිටිති. මෙම තත්ත්වය මත තම වගාවන් පවත්වාගෙන යාම පවා නොහැකි ආර්ථික දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් ඔවුන් කියති. දැනට මාස කිහිපයකට පෙර රුපියල් 300ට ඉහළ මිලකට පැවැති තේ දළු කිලෝවක් අද වන විට රුපියල් 150 සීමාවට පහළ බැස ඇති බව […]

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් එම නිලධාරියා කීය. එම විදේශ […]

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ. ඉදිරි අයවැයෙන් මෙම වැටුප් වර්ධකය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛද්‍යවරුන් රට හැර යාමට පෙළඹී ඇති බවත් මෙයට විසඳුමක් ගැනීමට රජය කටයුතු නොලහොත් වෛද්‍ය හිගයක් ඇති විය හැකි බවත් ඔහු […]

2023 ආරම්භයත් සමගම  දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම  විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැදවියන්ගේ ප්‍රමාණයේ  සියයට දෙසියකින්  සීග්‍ර වර්ධනයක් ඇති වී ඇති බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. දැනට බන්ධනාගාරවල රඳවා සිටින සමස්ත රැඳවියන් 29000ක් බව   බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි. දිවයිනේ සමස්ථ බන්ධනාගාර ආයතන තුළ සත්‍ය වශයෙන් […]

දේශීයව නිෂ්පාදනය කරන කුකුල් මස් මිල පහළ දැමීමට සූදානම් බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100කින් අඩු කිරීමට සූදානම් බව ඔවුන් අමාත්‍යවරයාට පවසා ඇත.

බන්ධනාගාර රැදවියන් අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් තාවකාලිකව වසාදමා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. රෝග ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය (27) සිට රැදවියන් හමුවීම ඇතුළු බන්ධනාගාර රැදවියන්ගේ ක්‍රියාකාරකම් සඳහා සීමා පනවා තිබූ අතර රෝගී රැදවියන් වැඩිවශයෙන් වාර්තාවීමත් සමඟ  ඊයේ (31) සිට වසාදැමීම සඳහා […]

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16දෙනෙකු මිය ගොස් කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මේ අතර, එම අනතුරින් තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස කඩා වැටී තිබුණේ, ලෝහ කුලුනු එසවීම සඳහා යොදාගත් දොඹකරයකි.  

ඉන්දියානු ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් රවටා කෝටි ගණනින් මුදල් වංචා කරමින් සිටි අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණ දින දෙකක් නැවතී සිට එහි බිල් නොගෙවා පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහනුවර මුලස්ථාන පොලීසියේ සංචාරක පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න […]

හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වූවාය. බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7000 ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.