ඉන්දියානු ජාතිකයකු ලෙස හිඳ ‌කෝටි ගණන් වංචා කරලා . . .

ඉන්දියානු ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් රවටා කෝටි ගණනින් මුදල් වංචා කරමින් සිටි අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණ දින දෙකක් නැවතී සිට එහි බිල් නොගෙවා පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහනුවර මුලස්ථාන පොලීසියේ සංචාරක පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව හෙළි වීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට භාරදීමෙන් පසු සිදුකරන ලද පොලිස් විමර්ශනවලදී සැකකරු රට වටා සිදු කරන ලද මහා පරිමාණ වංචාවන් පිළිබඳ තොරතුරු එකිනෙඑක දිග හැරී තිබේ .

සැකකරු එසේ ඉන්දියානු ජාතිකයකු ලෙස පෙනී සිටිමින් සුවිස්ටර්ලන්තය, ඇමරිකාව, එංගලන්තය ආදී රටවලට යාමට වීසා සකස් කර දෙන බව පවසමින් රුපියල් කෝටි ගණනින් වංචා කොට ඇති බව හෙළිව තිබේ. ඔහු ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂාව චතුර ලෙස හසුරුවන බව ද පොලීසිය කියයි .

මහනුවර කටුගස්තොට ප්‍රධාන පෙළේ පිරිමි පාසලක අධ්‍යාපනය හදාරා ඇති සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවද අනාවරණය වී තිබේ .

මෙම සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි 30 ක් පමණ ඇති බවත් ගල්කිස්ස පොලිස් වසමේ වරෙන්තු 22 ක් පමණ ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිව ඇති අතර සැකකරු පිළිබඳ පූර්ණ වාර්තාවක් කැඳවීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථානවලට සැකකරුගේ අනන්‍යතා විස්තර ලබා දී තිබේ.

  • ෂේන් සෙනෙවිරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දොඹකරයක් කඩා වැටීමෙන් 16ක් මරුට . . .

Tue Aug 1 , 2023
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16දෙනෙකු මිය ගොස් කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මේ අතර, එම අනතුරින් තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස කඩා වැටී තිබුණේ, ලෝහ කුලුනු එසවීම සඳහා යොදාගත් දොඹකරයකි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x