අවුන් සාන් සුකීට සමාව . . .

හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වූවාය. බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7000 ක පමණ පිරිසකට පොදු සමාව ලබා දීමට මිලිටරි ජුන්ටාව තීරණය කර ඇති බවත් ඒ යටතේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හටද සමාව ලබා දී ඇති බවත් මියන්මාර මාධ්‍ය පෙන්වා දී තිබේ.

නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්කයි පුවත් සේවය පෙන්වා දෙන්නේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හට මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇත්තේ චෝදනා 5 ක් සඳහා පමණක් බවයි. චෝදනා 5 ක් සඳහා සමාව ලබා දුන්නත් ඇයට එරෙහිව තවත් චෝදනා 14 ක් තිබෙන බව ස්කයි පුවත් සේවය වාර්තා කර ඇත.වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව ඊයේ(31) ඇයව රජයේ වෙනත් ගොඩනැගිල්ලක් කරා රැගෙන ගිය බවත් චෝදනා 5 ක් සඳහා පොදු සමාව ලබා දුන්නද ඇය තවදුරටත් නිවාස අඩස්සියේ සිටිනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇතැයි ස්කයි පුවත් සේවය සඳහන් කර තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියානු ජාතිකයකු ලෙස හිඳ ‌කෝටි ගණන් වංචා කරලා . . .

Tue Aug 1 , 2023
ඉන්දියානු ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් රවටා කෝටි ගණනින් මුදල් වංචා කරමින් සිටි අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණ දින දෙකක් නැවතී සිට එහි බිල් නොගෙවා පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහනුවර මුලස්ථාන පොලීසියේ සංචාරක පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x