‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීම අත්හිටුවයි . . .

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් එම නිලධාරියා කීය.

එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහා ද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බව ද සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තේ, කුරුඳු මිල වේගයෙන් පහළට . . .

Tue Aug 1 , 2023
වෙළඳපොළේ තේ, කුරුඳු මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි වැවිලිකරුවන් කියා සිටිති. මෙම තත්ත්වය මත තම වගාවන් පවත්වාගෙන යාම පවා නොහැකි ආර්ථික දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් ඔවුන් කියති. දැනට මාස කිහිපයකට පෙර රුපියල් 300ට ඉහළ මිලකට පැවැති තේ දළු කිලෝවක් අද වන විට රුපියල් 150 සීමාවට පහළ බැස ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x