මිනින්දෝරු ගාස්තු ඉහළට . . .

ඉඩම් මැනීම, කැබලි කිරීම, තක්සේරු කිරීම සඳහා මිනින්දෝරුවරුන්, අය කළ යුතු ගාස්තු ඇතුළත් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇත.

මිනින්දෝරුවරුන්ගේ වෘත්තීය ගාස්තු, පුහුණු සහායකයකු, නුපුහුණු සහායකයකු සඳහා ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණයන් ද එම ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ.

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ 8 වැනි සහ 29 වන වගන්ති සමඟ කියවිය යුතු 82 අ වන වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිවරයා විසින් අදාළ නියෝග එම ගැසට් නිවේදනය මගින් නිකුත් කරනු ලැබ ඇත.

මහ නගර සභා සීමාවක් තුළ පිහිටා ඇත්නම් එම ඉඩමේ වර්ග මීටර් 250 දක්වා රුපියල් 20,000ක් සහ එක් එක් අතිරේක වර්ග මීටර් 100ක් සඳහා රුපියල් 200ක් අය කෙරේ.

නාගරික සංවර්ධන ප්‍රදේශයක සීමාව තුළ, ආයෝජන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ලද හෝ යම් බලපත්‍රලත් කලාපයක් තුළ, නගර සභාවක සීමාව තුළ පිහිටා ඇති ඉඩමක් නම් වර්ග මීටර් 250ක් දක්වා රුපියල් 15,000ක් සහ එක් එක් අතිරේක වර්ග මීටර් 500ක් සඳහා රුපියල් 2000ක් අය කෙරේ.

ප්‍රාදේශීය සභාවක සීමා තුළ පිහිටා ඇති ඉඩමක් මැනීම සඳහා, පිඹුර සහ වාර්තාව සකස් කිරීම, අනුපිටපත් ලබාදීම, පිඹුර අධිෂ්ඨාපනය කිරීම මගින් බිම් කැබැලි පෙන්නුම් කිරීම සහ පිඹුරේ සංවර්ධනය රුපියල් 10,000කි.

මැනීමක් සඳහා වන අවම තැන්පතුව වර්ග මීටර් 2000 දක්වා රුපියල් 20,000ක් සහ එක් එක් අතිරේක වර්ග මීටර් 1000 සඳහා රු. 3500කි. වැල්ලවත්ත, කිරුළපන, දෙහිවල සහ ප්‍රදේශවල කැඩැස්තර සිතියම් සකස් කිරීම සඳහා පිළිවෙළින් අයිතම 1 සිට 5 දක්වා අයිතමවල ගෙවීමට අමතරව සියයට 60ක අතිරේක ගෙවීමකි.

යම් අවහිර කිරීමක් හෝ බාධා පැමිණවීමක් හේතුවෙන් මිනින්දෝරුවරයාට මැනීම කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකිවන අවස්ථාවක මිනින්දෝරුවරයා සඳහා රුපියල් 10,000ක්, පුහුණු සහායකයකු සඳහා රුපියල් 3500ක්, නුපුහුණු සහායකයකු සඳහා රුපියල් 3000කි. එවැනි අවස්ථාවකදී පුහුණු සහායකයකු ඇතුළුව සහායක සංඛ්‍යාව 7 දෙනකු නොඉක්මවිය යුතුය.

අධිකරණයේ සිට දුර ගණනය කරනු ලැබිය යුතු මැනීම් සිදු කළ යුතු ඉඩමට ගමන් කිරීම සඳහා ආයතන සංග්‍රහයට අනුකූලව රාජ්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන ගාස්තු ප්‍රමාණ, වෙනත් යම් පිඹුරු අධිස්ථාපන කිරීමේදී පළමු බිම් කැබලි 10 සඳහා රුපියල් 5,000ක් සහ එක් එක් අතිරේක බිම් කැබැල්ලක් සඳහා රුපියල් 250ක්ද අය කෙරේ.

අවසාන මැනීම සඳහා අදාළ වන ගාස්තු ප්‍රමාණය ද එම ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත.

  •  J.T. De Silva
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පිං කැටේ සල්ලි වලින් රෝහලට බේත් . . .

Wed Aug 2 , 2023
අකුරැස්ස නිල්වලා ගඟ අසල බුදුරුව අභිමුඛව ඇති පිංකැටේ එකතු වූ මුදල්වලින් අකුරැස්ස රෝහලහිග අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග කීපයක් පරිත්‍යාගයක් සිදු කිරීම පෝදා සිදු කෙරිණි. රෝහල්වල පවතින බරපතළ ඖෂධ හිගය නිසා රෝහල් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණදෙමින් සිටිනා මෙවන් අවධියක රෝහලට ඖෂධ පරිත්‍යාගය බෙහෙවින්ම වටිනා බව  අකුරැස්ස දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x