මොරොක්කෝ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2,000 ඉක්මවයි . . .

මොරොක්කෝවේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුවාල ලැබූ පුද්ගලයින් ගණන ද ඒ හා සමාන සංඛ්‍යාවක් වන බව ය.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, ඉන් බරපතළ තුවාල ලැබූවන් ගණන 1,400 ඉක්මවන බව ය.

මධ්‍යම මොරොක්කෝවට බලපෑ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් වැඩි ම බලපෑමක් එල්ල වී ඇත්තේ, මරකේෂ් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශවලට ය.

එරට, හය වන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර ලබා දෙන ලෙසට නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තා පෙන්වා දුන්නේ, බොහෝ අය එළිමහනේ සිය දෙවන රාත්‍රිය ගත කරමින් සිටි බව ය.

සිකුරාදා රාත්‍රියේ මෙම භූ කම්පනය හට ගෙන තිබුණු අතර ඉන් අනතුරුව පසුකම්පනයක් ද හට ගෙන තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

RMV කෝටි 30 ක් වතුරේ යවලා . . .

Mon Sep 11 , 2023
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට වැඩි බදු  ආදායමක් අහිමිවී ගොස් ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ අතර නිත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරන ලද වාහන මෝටර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x