බැංකු සභාපති කෝටි 7ක් සමග අතුරුදහන් . . .

කටුගස්තොට – කහල්ල ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඉදිරිපිට, සභාපතිවරයා රුපියල් කෝටි 7 කට වැඩි මුදලක් රැගෙන අතුරුදන්වී ඇති බව පවසමින් සහ තමන්ගේ තැන්පතු මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගනුදෙනුකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඔවුන් කියා සිටියේ දහසකට වැඩි පිරිසක් එහි මුදල් තැන්පත්කර ඇති බවයි.

මේ අතර, ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර රුපියල් මිලියන 65ක මුදලක් රජයේ ප්‍රධාන බැංකුවකින්, වංචා කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම බැංකුවේම මුදල් අංශයේ නිළධාරියෙකු ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ අදාළ බැංකුවේ සේවකයන් පිරිසක් විසින් සංවිධානාත්මකව මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි. ඒ අනුව, තවදුරටත් විමර්ශන සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලනට රෝහල් කාර්‍ය මණ්ඩලයේ විරෝධය . . .

Thu Jan 19 , 2023
ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් දිගින් දිගටම රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහිව සිදුකළ, රෝහල් සේවකයින් කුඩුකාරයන්, ගංජ කාරයන් ලෙසට සිදු කරන ප්‍රකාශයන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අපකීර්තියට පත්කිරීමට එරෙහිව අද (20) දින ජාතික රෝහලේ සියලු කාර්ය මණ්ඩලය විරෝධතාවයක් ඇරඹීය. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කාර්යාලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x