මැතිසබේ සල්ලාලයන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් . . .

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට  සමහර  ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ජී. තච්චනා රාණී ගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන්  ලෙස හැන්සාඩ්  සංස්කාරක සී.එන්.එල්.ද සිල්වා සහ  සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක  කටයුතු කරති.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට ඉහත සඳහන් කමිටු සාමාජිකයන්  පෞද්ගලිකව හමුවී හෝ  ඊමේල්  මාර්ගයෙන් හෝ දුරකතන මාර්ගයෙන් හෝ ඒ පිළිබඳව කරුණු දැක්විය හැකි බව  පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.

එම කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් හෝ සහකාර මහ ලේකම්වරයාටද  ඒ සම්බන්ධයෙන්  තොරතුරු ඉදිරිපත් කළ හැකි බව  එහි දැක්වෙයි.

සිද්ධිය පිළිබඳව තොරතුරු ලබා දෙන්නන් ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය  හා සුරක්ෂිතභාවය සුරැකීමට කටයුතු යොදා ඇති බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත්  සඳහන් වේ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මත්තලින් කෝටි 2221 ක් පාඩුයි . . .

Fri Aug 4 , 2023
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙය එහි අදායම මෙන් විසිහය ගුණයක් බවද ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදි කෝටි 444ක් වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x