විදුලි බිල යළි ඉහළට . . .

විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉකුත් විසිඑක්වැනිදා ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ වියදම් පියවා පියවා ගැනීමට නොහැකි වන බව ය.

විදුලිය ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ, ගාස්තු අඩු කර මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ ගාස්තු හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් කෝටි 3,300 කින් පමණ අඩු වී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

ඒ හේතුවෙන් , පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙනුවෙන් මෙන්ම, අනෙකුත් ණය හිමියෝ සඳහා විදුලි බිල මණ්ඩලය ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි දඑම ලිපියෙන් දන්වා ඇත.

පුනර්ජනනීය විදුලිය උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිග මුදල රුපියල් කෝටි දෙදාස් නවසිය හැත්තෑවක් පමණ වන බවද එහි සදහන් කර ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමත වූ ගාස්තුව විදුලිය නිපදවීමට යන වියදම පාරිභෝගිකයන්ගෙන් අයකරගැනීමේ තීරණයට ද පිටින් යන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

මේ වසරේ විදුලිය ගාස්තු වැඩී කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ ගිගාවොට් 4,500 ක ජල විදුලිය ලබාගැනීමට අපේක්ෂා කළ ද, වියළි කාල්ගුණය හේතුවෙන් ලබාගත හැකිවූයේ ගිගාවොට් 1,738 ක් පමණක් බව ද එහි සදහන් කර ඇත.

ඉදිරියේ දී ඇතිවිය හැකි නියං තත්වය හමුවේ තාප විදුලි නිෂ්පාදනය වැඩි විය හැකි බවත්,එවැනි තත්වයක් තුළ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් බවත් විදුලි බලමණ්ඩලය පෙන්වාදෙයි.

  • අජන්ත කුමාර අගලකඩ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉම්රාන් ඛාන්ට සිර දඬුවම් . . .

Sat Aug 5 , 2023
ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. එසේම වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම ඉම්රාන් ඛාන් ට ඉස්ලාමාබාද් අධිකරණය තහනම් කර ඇත. දඬුවම නියම කිරීමෙන් පසුව නිකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x