ඉන්ධන මිල ඉහළට . . .

ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බවත් එම සංස්ථාව කීය.

එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 371 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 363 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 456 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 468 ක් දක්වා අඩු කළ බව ද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි . . .

Thu Feb 1 , 2024
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන  අද  (1)  සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව, එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. ඒ අනුව, මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x