නව දේශපාලන පක්ෂයක් . . .

ජන අරගලයේ නිරත පිරිස් “ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඊයේ (18) බාරදී ඇත. මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එම ලියකියවිලි බාරදුන් බව අරගලකරුවෝ පැවසූහ. ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර එහිදී පැවසුවේ ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි. කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ දියුණුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවද ඔහු සඳහන් කළේය.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුදලට විකිණෙන්න එපා . . .

Tue Jul 19 , 2022
පක්‍ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිති. ජනතා අපේක්‍ෂා ඉටුකිරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට ලැබී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x