අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. ඔහු එලෙස කැඳවා තිබුනේ, සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සදහාය. එම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිලධාරීන් […]

භේදය සහ අවස්ථාවාදය වනාහි මානව ධර්මයක් වුවද ඒවා යටපත් නොකරගත් වන, ඉහ වහා යන්නේ තමන්ගේම නිදහස බව නිදහස් සමරුවට පෙරවදනක් ලෙස මේ තීරුව දක්වන්නේය. මේ දිනවල නිදහස් උත්සවය සඳහා වන පෙරහුරු පැවැත්වේ. එවන් පෙරහුරුවක් ලෙස මෙතැන් පටන් නිදහස තෙක් මේ තීරුව ද ‘අතීතයේ කතා’ කිහිපයක් දක්වනු රිසියැ. සිංහලයේ රජතුමා අල්ලාගත් […]

මීරිගම හේනේගම ප්‍රදේශයේ, සුසාන භූමියක් තුළ අන්නාසි වගා කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්වූ පුවතක් වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ මරණාධාර සමිතියේ අනුමැතියෙන් එහි භාණ්ඩාගාරිකවරයා විසින් මෙම අන්නාසි වගාව කරගෙන යන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ, මීට වසර 15කට පමණ පෙර මෙම අන්නාසි වගාව ආරම්භ කළ බවත් එවිට ගම්වාසීන්ද විරෝධතාවක් […]

ලෝකයේ දැඩි ඉල්ලුමක් පවතින ස්වාභාවික වර්ණක භාවිතයට කදිම විසඳුමක් ලබාදීමට මෙරට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ, ලොව ප්‍රථම වරට ඉවතලන තැඹිලි කෝම්බ ආශ්‍රයෙන් ඇඟලුම් සඳහා යොදාගත හැකි ස්වාභාවික වර්ණක නිපදවමින්. වසරකට ලෝකය පුරා ඇඟලුම් වර්ණ ගැන්වීම සඳහා කෘත්‍රිම වර්ණක ටොන් ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් භාවිතයට ගැනෙන අතර ජලයට එක්වීමෙන් […]

සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස පොලිසිය විසින් පහර දීම තරයේ හෙළා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. මේ මොහොතේ තාවකාලිකව පාර්ලිමේන්තුව විසින් පත්කර ගනු ලැබූ ජනාධිපතිවරයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ගේ වගකීම වන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ […]

නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. 2024 වසරේ විදුලිබල උත්පාදන සැලසුම, අයක්‍රමය, සේවාවන් වල වියදම්, විදුලිබල උත්පාදනය සදහා අවශ්‍ය වන ඉන්ධන වල මිල, කාලගුණික අනාවැකි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල මණ්ඩලයේ […]

කෘතහස්ත මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 93 වන වියේ පසු විය. සන්ඩේ ඔබ්සර්වර් සහ ඔබ්සර්වර් (ඩේලි) පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 50 දශකයේ ප්‍රකට මධ්‍යවේදින් වන ක්ලැරන්ස් ප්‍රනාන්දු, ඩෙන්සිල් පීරිස් වැන්නවුන්ගේ සමකාලීනයෙකි. කෙසේ වෙතත්, ඔහු 70 දශකයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය. එහි සිට ඩේලි […]

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) දිනයේ පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය. aruna

බස් සංගම්වල ඉල්ලීම්වලට විසදුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුල බස් ගාස්තු සීයයට 10කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න අද (01) පැවසීය. ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමුවත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බව ලංකා බස්රථ හිමියන්ගේ සභාාපති […]

පොලීසිය විසින්, මෙරට සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරනවා. පොලීසිය විසින් අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුගේ ඡායාරූපයක් මාධ්‍යට නිකුත් කර තිබුණි. එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් අංක ඔස්සේ කොල්ලුපිටිය පොලීසියට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටී. එම දුරකථන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.