හිඟ විදුලි බිල ගැන නාමල් ලංවිමෙන් විමසයි . . .

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් අද (4) යොමුකර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ නම සඳහන් කරමින් අදාල නොගෙවූ විදුලි බිල්පත උපුටමින් විවේචනාත්මක සහ අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණ වෙමින් පවතින බව ද එම ලිපියේ සඳහන් වේ.

  • යොහාන් භාසුර සහ රංජන් කස්තුරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දකුණට විදුලිය දෙන්න පෞද්ගලික තේ වත්තක් හරහට හිටී . . .

Sat Aug 5 , 2023
පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන්  විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට  රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇත . දකුණු පළාත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x