තලෙයිමන්නාරම – රාමේෂ්වරන් දක්වා මගී යාත්‍රා සේවයක් . . .

යුද සමයේ අවදානය යොමු නොවීමෙන් දිරාපත් වූ තලෙයිමන්නාරම ජැටිය රුපියල් කෝටි 180 ක් වැය කර යළි ප්‍රතිසංස්කරණය කර ඉන්දියවේ රාමේෂ්වරන් සිට මගී යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙහි පළමු අදියර යටතේ වරාය පහසුකම් සංවර්ධනය කරමින් නවීණ මගී පර්යන්ථයක්, ගබඩා සංකීර්ණයක් ඇතුළු පහසුකම් ඇති කරන බවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජනයක් ලෙස එස සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම අමාත්‍යංශය කියයි.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා තලෙයිමන්නාරම ජැටිය විනාශ වී ඇති ආකාරය සහ සංවර්ධන කටයුතු සැළසුම් කර ඇති ආකාරය පිළිබඳව නිරීක්‍ෂණය කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කැපී පෙනෙන පරිවර්තනයකට ලක්වන ජම්මු - කාශ්මීරය . . .

Sun Aug 6 , 2023
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අවලංගු කිරීමේ ඓතිහාසික තීරණයෙන් පසුව, ජම්මු සහ කාශ්මීරය විවිධ අංශ හරහා කැපී පෙනෙන පරිවර්තනයකට භාජනය වී නව අවස්ථා ලබාගැනීමට සහ වර්ධනයට මග පෑදී ඇත. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය මගින් 1947 සිට ඉන්දියාව, පකිස්ථානය සහ චීනය අතර ආරවුලකට ලක්ව ඇති ඉන්දීය උපමහාද්වීපයේ උතුරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x