ක්‍රිකට් පිටියේ රිදී සීනුව ටෝනි ග්‍රෙග් . . .

ශ්‍රී ලංකාවට සැමවිටම ආදරය කළ ‘ක්‍රිකට් පිටියේ රිදී සීනුව’ යන විරුදාවලිය ලැබූ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රෙග් නිහඬ වී වසර 11ක් සපිරෙයි. ටෝනි නැති විස්තර ප්‍රකාශක කුටිය දැන් හැම්ලට් කුමරු නැති රඟමඬලක් වැනිය.

ප්‍රතාපවත් පෞරුෂයකින් හා මිත්‍රශීලි කටහඬකින් පරිපූර්ණ වූ ලොව අතිවිශිෂ්ටතම ගවේෂණාත්මක ක්‍රිකට් විස්තර විචාරකයා මියගිය පුවත ලොව පුරා දැඩි කම්පනයක් ඇති කළා මෙන්ම, බොහෝ අයට එක්තරා සිහිනයක් බඳු විය. ටෝනි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී වසර 2012 දෙසැම්බර් මස 29දා අභාවප්‍රාප්ත වීමේ පුවත සැලවීමෙන් ලොව අතිවි‍ශාල පිරිසක් කම්පාවට පත්වූහ. අදටත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන් අතර ටෝනි ග්‍රෙග් ජනප්‍රිය නාමයකි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදරණීය නම් පටබඳිමින් අපූර්වත්වයක් හා නැවුම් බවක් ගොඩනැඟූ ටෝනි ග්‍රෙග් අසනීප වී සිටියදී විවිධ ආගමික වතාවත් සංවිධාන කළ මෙරට ක්‍රීඩා ලෝලීහු සුවය ප්‍රාර්ථනා කළහ. ඒ බව සැලවී ඔහු ශ්‍රී ලංකාවේ ජනතාවට අසනීප වී සිටියදීම කෘතවේදීත්වය පළ කිරීමට අමතක නොකළේය.

මිය යන්නට මාස කිහිපයකට පෙර පිළිකා රෝගය වැලඳී ඇති බව දැන තම බිරිය සමඟ එක්ව රෝගයට එරෙහිව සටන් කරන බව පැවසුවද, ඔස්ට්‍රේලියාවේ සාන්ත වින්සන්ට් රෝහලේදී ඔහු ජීවන ගමන නිමා කළේය. වසර 66ක ජීවිත කාලයේ වැඩි හරියක්ම ක්‍රිකට් පිටිය තුළත් ක්‍රීඩා විචාරක අට්ටාලයේත් ගත කළ ඔහුගේ අවසන් විස්තර ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පැවති 2012 විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වේ.

  • ප්‍රින්ස් ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි සටනට ජන ගඟක් . . .

Wed Jan 3 , 2024
විදුලි බල මණ්ඩලය කොටස් 12කට කඩා විකිණීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව අද පැවැත්වූ උද්ඝෝෂණයට අති විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මේ වනවිට ජනධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය විසින් රාජ්‍ය ආරක්ෂාවට අතිශය සංවේදී බලශක්තිය සහ විදුලි සංදේශ සේවාවක් පෞද්ගලික අංශයට විකුණා දැමීම සඳහා අනසන් සැලසුම් සකස් කරමින් සිටින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x