මහින්ද – රනිල් හමුවේ . . .

දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයකු වන ධනසිරි අමරතුංගගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගිය ඉරිදා කොළඹ තරු පන්තියේ හෝටලකදී පැවැත්විනණි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් මෙම උත්සවයට ඇරයුම් ලබා තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, රවි කරුණානායක, මෙලා කරුණානායක, රෝසි සේනානායක, කංචන විජේසේකර, වජිර අබේවර්ධන, සාගල රත්නායක යන පිරිස එකම මේසයක අසුන් ගෙන සිටියේය. ඊට යාබද මේසයේ ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු මැති අමැතිවරුන් රැසක් අසුන්ගෙන සිටියේය.

‘‘මේ ගොවීන්ට ඇතිවෙලා තියෙන වතුර ප්‍රශ්නේ ඉක්මනට විසඳන්න’’ මෙහිදී මහින්ද රනිල් ට පැවසීය. ‘‘මම මේ ප්‍රශ්නේ සඳුදා කැබිනට් එකේදී විසඳනවා’’ රනිල් මහින්දට එලෙස පිළිතුරු දුන්නේය.

රනිල් සහ මහින්ද මේ වෙලාවේ දේශපාලනය පිළිබඳ එකම ස්ථාවරයක සිටින බව පෙනේ. මහින්ද බොහෝ සෙයින් රනිල්ගේ වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තබා ඇති අතර රනිල් ඉදිරි කාලයේදී රට පාලනය කළ යුතුය යන අදහසේ මහින්ද දැඩි සේ සිටින බව දෙදෙනා අතර ඇති වූ කතා බහේදී පැහැදිලිව දක්නට ලැබිණි.

මහින්දගේ ස්ථාවරය එබඳු වුවත් මේ වන විට පොහොට්ටුවේ නායකයන්ගේ ආකල්ප අනුව පොහොට්ටුව කණ්ඩායම් 4කට කැඩී ඇති බව දක්නට ලැබේ. මහින්ද රනිල් සමග ගමනක් යායුතු යැයි විශ්වාස කරන නමුත් බැසිල් සිතන්නේ පොහොට්ටුව ශක්තිමත් කරගෙන ඒ තුළින් බලය ලබා ගත යුතු බවයි.

බැසිල් ආණ්ඩුව අතහැර යායුතු යැයි නොසිතයි. නමුත් ආණ්ඩුව තුළ සිටිමින් බලය ලබා ගන්නෙ කෙසේද යන්න පිළිබඳ අදහසක් බැසිල්ට නැත. නාමල් රාජපක්ෂගේ ස්ථාවරය ඊට වඩා වෙනස් එකකි. ආණ්ඩුව තුළ තමන්ට ස්ථානයක් නොමැති බව සිතන නාමල් නිරතුරු සටන් කළ යුතුයැයි සිතයි. ඒ අනුව විපක්ෂයක් නිර්මාණය කරගෙන හෝ එහි නායකත්වය ගත යුතු බව නාමල් සිතයි. නාමල්ගේ මෙම ස්ථාවරය මහින්ද අනුමත නොකරන අතර මහින්ද නාමල්ගේ අදහස දැඩි දෝෂදර්ශනයට ලක්කරයි.

පොහොට්ටුවේ හතරවැනි කණ්ඩායම වන්නේ ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර ඇතුළු පිරිසගෙන් සැදුම් ලත් කණ්ඩයමයි. ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ තවදුරටත් පොහොට්ටුව තුළ රැඳී සිටීමෙන් පලක් නැත. සන්ධානගත වී ඉදිරි දේශපාලන ජයග්‍රහණ දිනාගත යුතු බවයි. මෙකී ආකල්පමය දෙදරීමට පරිබාහිරව භෞතිකව පොහොට්ටුවෙන් වෙන් වූ පිරිසක්ද සිටී ඒ නිමල් ලන්සාගේ කණ්ඩායමයි. ලන්සා සමග 60ක් පමණ සිටින අතර දේශපාලනිකව අස්ථාවරවූවන් ඔහු මැනවින් පාව්ච්චි කරයි. ලන්සාගේ අදහසට බොහෝ අය කැමැත්තක් පෙන්වන නමුත් බැසිල්ලාට හා නාමල්ලාට නම් ලන්සාව දිරවන්නේ නැත.

  • අරුණ පොලිටික්ස්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුව කෝටි 20,000ක් මුදා හරියි . . .

Thu Aug 10 , 2023
බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (08) රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත. එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x