බොන වතුරට වස දැමූ පාසල් සිසුවිය . . .

කිසියම් විෂ ද්‍රව්‍යක් මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් 06 දෙනෙකු රෝහල් ගතකර තිබෙන පුවතක් වාර්තා වනවා.

නාරම්මල පොලීසිය පැවසුවේ, අදාළ සිසුවියන් ඊයේ (14) මෙලෙස රෝහල් ගතකර ඇති බවයි.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් වන අතර, එක් සිසුවියක් විසින් ඇය සමඟ අමනාප තවත් සිසුවියන් කිහිප දෙනෙකුගේ වතුර බෝතල්වලට මෙලෙස වල් නාශක මිශ්‍ර කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

එලෙස විෂ ද්‍රව්‍යය මිශ්‍ර කළ සිසුවිය ද එම වතුර පානය කර ඇති අතර, ඇය ද රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නාරම්මල පොලීසියෙන් අප කළ විමසීමක දී සඳහන් කර සිටියේ, මෙම සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

අදාළ පාසලේ ශිෂ්‍ය නායක තනතරු සඳහා ඇති වී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් . . .

Tue Aug 15 , 2023
රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.  මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින් වැටුප්, වේතන හා අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කල යුතු බව, ලබන වසර සඳහා වන අය වැය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x