දැඩි හිරු රශ්මියෙන් පිළිකා අවදානමක් . . .

පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් මේ දිනවල පෙරවරු 10.00ත් පස්වරු 02.00ත් අතර කාලයේදි එළිමහනට නොයා සිටින්නැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

එළිමහනට යාමේදී අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මගින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවත් හිරුඑළියට දැඩිව නිරාවරණයවීම නිසා පිළිකා කාරක තත්ත්වයක්ද ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

එම නිසා අව් රශ්මියෙන් වැළකීමට හිස් වැස්මක් හෝ කුඩයක් භාවිත කිරීම වැදගත් බවද ඇය කීවාය.

දිර්ඝ කාලිනව හිරු එළියට නිරාවරණය වීමේදී සම ඉක්මනින් වියපත් වන බවත් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මගින් සම වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගිනිගත් කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් අවදානමක . . .

Fri Aug 18 , 2023
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ ගිනිගත් එක් ගබඩාවක් සදහා අවශ්‍ය පාරිසරික බලපත්‍රය ලබා ගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා පවසයි. එසේම අදාල රසායනික ද්‍රව්‍ය කම්හලේ ඇති වූ ගින්න නිසාවෙන් ප්‍රදේශයේ වායු ගෝලයට යම් බලපෑමක් විය හැකි බැවින් එම කර්මාන්ත ශාලාව ආසන්නයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x