ලූනා සඳ මතට කඩා වැටෙයි . . .

වසර 47කින් පසු පළමුවරට රුසියාව, සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී තිබේ.

සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කළේ පසුගිය 11 වනදාය.

යානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟාවීමට යානය අපොහොසත් වූ බව රුසියාව මීට පෙර ප්‍රකාශ කළේය.

රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් නිවේදනය කළේ, යානය සමඟ පැවති සබඳතා බිඳ වැටුණු බවයි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කේක් ගෙඩියකින් කුකුළු පිහාටුවක් මතු වෙයි . . .

Mon Aug 21 , 2023
කිළිනොච්චිය නගරයේ ආපනශාලාවකින් ඊයේ (20) මිලට ගත් කේක් ගෙඩියක් තුළ විශාල කුකුළු පිහාටුවක් දා හමු වී තිබෙන බව වාර්තා වනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගිකයා කිළිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තාවේ. නමුත් කිළිනොච්චිය නගරයේ ආපනශාලාවලින් මේ අන්දමට විවිධ ද්‍රව්‍ය ආහාර සමඟ තිබී හමු වෙතත් සෞඛ්‍ය නිලධාරීන් ඊට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x