සඳ දෙස ලොවම බලා සිටී . . .

මෙතෙක් ගවේෂණය කර නොමැති සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමේ අරමුණින් අභ්‍යවකාශගත කර ඇති “චන්ද්‍රයාන් -3” නමැති ඉන්දීය අභ්‍යවකාශ යානය හෙට සඳ මතට ගොඩ බස්වමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වූ ප්‍රථම අභ්‍යවකාශ යානය ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය සියලු‍ කටයුතු යොදා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරයි.

”‍චන්ද්‍රයාන් -3 ”‍ යානය හා තරඟ කරමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්වීමේ අරමුණින් ඉකුත් අගෝස්තු 10 වැනිදා අභ්‍යවකාශගත කර තිබු රුසියාවට අයත් ”‍ලු‍නා-25 ”‍ අභ්‍යවකාශ යානය ගොඩ බැස්වීමට පෙර සඳෙහි කඳුකර ප්‍රදේශයකට කඩා වැටීම හේතුවෙන් ඉන්දීය යානයට සාර් ථක ලෙස ගොඩ බැස්වීමකට යා හැකි වේදැයි යන්න පිළිබඳව මේ වන විට ලෝකයාගේ අවධානය යොමුව තිබේ .කෙසේ වුවද ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය පවසනුයේ චන්ද්‍රයාන් යානයේ සියලු‍ පද්ධතීන් ඉතා හොඳින් ක්‍රියාත්මක වීම හේතුවෙන් එය ගොඩ බැස්වීමේදී කිසිදු හදිසි අවස්ථාවක් හටගනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි .යම් හෙයකින් චන්ද්‍රයාන් -3 අභ්‍යවකාශ යානය සාර්ථක අයුරින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස් වුවහොත් ඉන්දියාවට අභ්‍යවකාශ ගවේෂණයෙහි බලවතෙකු වීමට මෙන්ම ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානයට ලෝක මට්ටමින් ගෞරවයක් නිර් මාණය වීමටත් එය මගපාදනු ඇති බව හිටපු ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයෙකු වන මනිෂ් පුරෝහිත් පවසා තිබේ . චන්ද්‍රයාන් -3 යානය සඳට යැවීමේ මෙහෙයුම සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 6.15කි (ඇමරිකානු ඩොලර් මිලියන 74ක්).

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කිඹුලාවෙල වීදි ආහාර අලෙවිසැල් ඉවත් කරන්නැයි දැනුම් දෙයි . . .

Tue Aug 22 , 2023
කිඹුලාවෙල මාර්ගය දෙපස ඉදිකර ඇති වීදි ආහාර අලෙවිසැල් සති දෙකක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස එම ව්‍යාපාරිකයන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ. එම මාර්ගයේ වාහන ගමනාගමනයට මෙම වීදි ආහාර අලෙවි සැල් දැඩි බාධාවක් බව අධිකාරිය සඳහන් කරයි. තට්ටු කිහිපයක් සහිතව ද වෙලද සැල් සකස් කර ඇති බවත් පවසන අධිකාරිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x